දෙවන දිග හැරුම ...
පළමු ලිපියෙන් පස්සේ දෙවැන්නකට යන්නට අවකාශයක් තිබුනේ නෑ....
වැඩිපුරම ඒ සදහා උවමනාවක් තිබ්බෙ නෑ කීවොත් තමා නිවැරදි..
මට හිතුනා මගේ අතීත මතකයේ රැදුනු සිදුවීමක් අකුරු කරන්නට..
මේ සිදුවීම වෙද්දී මම ප්‍රාථමික පංතියක. 6-7 වගේ පංතියක ඉන්න ඇති මගෙ හිතේ... ඒ දිනවල පේරාදෙනිය සරසවියේ පැවැත්වුන වෛද්‍ය ප්‍රදර්ශනයක් නැරඹීම සදහා උ.පෙළ සිසුන් අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරලා තිබුනා. ඊට මගේ සහෝදරියත් එකතු උනා. එදා උදේම ඇයත් එක්ක පාසල අසලට මම ආවේ වෙනදත් පාසල් එන්නේ ඇයත් සමගම නිසයි.
පාසලේ ගේට්ටුව ලගදි මටත් හිතුනා මේකට සම්බන්ධ වෙන්න. ඒත් ගැටළු කීපයක්.....
මේකට යන්නේ උ.පෙළ සිසු සිසුවියන් විතරයි.
පාසැල පැවැත්වෙන දිනයක්.
වෙනත් පංතියක ළමයෙක් එක්ක යන්න විදුහල්පතිතුමා අවසර දෙන්නෑ...
වැදගත්ම එක මම ගියොත් අපේ අක්කට විලංගු වැටෙනවා...
දැන් ගමන පිටත් වෙන්න ආසන්නයි...
කිසිම ගුරුවරයෙක් කැමති නෑ මාව එක්ක යන්න.. ඒක අනවශ්‍ය වගකීමක් දරන්න වෙන වැඩක් නිසා...
ඔන්න හොදම වෙලාව. මගේ ඇස්වලින් වැස්ස වහින්නයි හදන්නේ....
රූප අපැහැදිලි වේගන යනවා...බස් එකට ළමයි ටික නැගලා..
මේ වෙලාවේ උ.පෙළ අංශ භාර විදුහල්පතිතුමා අවසානයටම බස් එකට නගින්න එනවා... මාව දකිනවා...
ඇයි කියලා අහනවා මම විස්තරේ උඩින් පල්ලෙන් කියනවා... බස් එක ටික ටික ඉස්සරහට අදිනවා..
හා..හා.. මේ පැටියත් අරං යමු කියන ගමන් මාවත් උස්සලා පා පුවරුවේ උඩින්ම තිබ්බා. හරියට හීනයක් වගේ...
එදා පේරාදෙනිය සරසවියේ වෛද්‍ය පීඨයේ දවසම ගත කරමින් ප්‍රදර්ශනය නරඹන ගමන් හිතට පුංචි සිතිවිල්ලක් ආවා කවදා හරි දවසක මෙහි අධ්‍යාපනය ලබන්න ඇත්නම්... මේ පරිසරයේ සුන්දරත්වය විදින්න ඇත්නම්...
වසර 2000 පෙබරවාරි 05 වෙනිදා මගේ ජීවිතයේ අමතක නොවෙන දිනයක් වන්නට මේ සිදුවීම තරමක් දුරට හරි බලපාන්න ඇති..